GCE O/L Mathematics Formulae 1 Short Note- සූත්‍ර 1 කෙටි සටහන් - Lanka Learning

Latest

Lanka Learning

Education For Everyone..

Saturday, June 6, 2020

GCE O/L Mathematics Formulae 1 Short Note- සූත්‍ර 1 කෙටි සටහන්

GCE O/L Mathematics Formulae  Short Note- සූත්‍ර කෙටි සටහන්




                                                                       සුත්‍ර
 * එක් රාශියක් වෙනත් අදාළ රාශිවලින් දැක්වීමට යොදා ගන්නා ගණිතමය සම්බන්ධයක් සුත්‍රයක් ලෙස හැදීන්වේ.
 (අ) සුත්‍රයක අඥාතයක් උක්ත කිරීම‍
* සුත්‍රයක පදයක් කිරීම යනු එම පදය, සමාන ලකුණෙන් එක් පසකට වනසේ සූත්‍රය සකස් කිරීමයි.සමීකරණ විසදීමේදී අනුගමනය කළ ආකාරයට මේ සදහා ප්‍රත්‍යක්ෂ භාවිත කළ යුතු ය.
නිදසුන 01
X උක්ත කරන්න.
       2a + x = b
 x + 2a -2a = b -2a (දෙපසින්ම 2a අඩු කිරීම)

            x    = b – 2a
නිදසුන 02
a  උක්ත කිරීම
     2a + x = b
2a + x – x = b – x ( දෙපසින්ම x අඩු කිරීම)
         2a   =  b – x   (දෙපසම 2න් බෙදීම)
          2           2
a  =  b - x
           2
නිදසුන   03
X උක්ත කිරීම
   ax + bx  = y
  x(a +b)   =  y   ( පොදු සාධකය ඉවතට ගැනීම)

x(a + b)    =    y        දෙපසම ( a + b ) වලින් බෙදීම
(a + b )       ( a + b )
   X    =       y
             ( a + b )
 නිදසුන 01
බයිසිකල් ටයරයක මිල රැ. X ද ටියුබයක මිල රැ. Y ද බයිසිකල් ටයරයේ රෝද දෙකටම අලුත් ටයර් සහ ටියුබ් යෙදීමට අවශ්‍ය මුදල රැ.Z ද නම්, X හා Y හා Z සම්බන්ධ කෙරෙන සුත්‍රයක් ලියන්න.
ච සම්බන්ධ කෙරෙන සුත්‍රයක් ලියන්න.
ටයරයක මිල = රැ X
ටියුබයක මිල = රැ Y
රෝද දෙකටම ටියුබ් යෙදීමට යන මුදල = රැ Z
ටයර් දෙකට 2X ත් ටියුබ් දෙකට 2Y අවශ්‍යයි.
එම   නිසා 2X  + 2Y = Z
දී ඇති අගයන් සුත්‍ර වලට අදේශ කිරීම
නිදසුන් 01
Y = mx + c නම්, Y = 5, m = 3, c = 6 වන විට x හි අගය සොයන්න.
      Y = mx + c
      5 = 3x +  6 ( දී ඇති අගයන් ආදේශය )
5 – 6 = 3x + 6 – 6 ( දෙපැත්තේම - 6 බැගින් අඩු කිරීම )
   - 1 = 3x  (  දෙපැත්තම 3 න් බෙදීම )
     3      3
X = -1
       3
 (ආ) බල සහ මුල සහිත සුත්‍ර වල අඥාතයක් උක්ත කිරීම
 *වර්ග සහිත ප්‍රකාශනවල වර්ග වු පදයට උක්ත කළ විට පිළිතුර වර්ග මුල ලකුණක් සහිතව ලිවිය යුතුය.
නිදසුන 01
X = 2a2 + b නම්, a උක්ත කරන්න.
  X – b = 2a + b –b ( දෙපසම ඉ අඩු කරන්න )

X –    b = 2a2  ( දෙපසම 2න් බෙදීම )
    2          2
  a  =  x  - b
               2
( a හි වර්ගය ඉවත් කිරීම )
a  =  √ x – b
             2
 * වර්ග මුලය සහිත ප්‍රකාශනයක වර්ග මුලය සහිත පදය උක්ත කළ විට පිළිතුර වර්ග ආකාරයෙන් ලිවිය යුතු ය.
නිදසුන  01
Y = √a + b නම්,  b උක්ත කරන්න.
       Y= ( √ a + b )2 ( දෙපසම වර්ග කිරීම )
       Y= a + b
  Y– b = a + b – b (දෙපසින්ම  b අඩු කිරීම )
         a = y2  -  b

* තුන්වන බලය සහිත ප්‍රකාශනයක තුන්වන බලය සහිත පදය උක්ත කළ විට පිළිතුර වර්ග ආකාරයෙන් ලිවිය යුතු ය.
නිදසුන 01
        M3  - n = p නම්,   m  උක්ත කිරීම.
        M3  - n + n = p + n ( දෙපසටම n එකතු කිරීම )
       M3  =  p  +  n
     M =  3√p + n ( m හි 3 බලය ඉවත් කිරීම )

No comments:

Post a Comment